පසුගිය වාර විභාගවල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී දක්නට ලැබුණු ප්‍රධාන කරුණ වූයේ 45% -53% දක්වා පරාසයක ප්‍රතිඵල උච්ඡාවචනය වෙමින් පවතින බවත්, මෙම තත්ත්වය තව දුරටත් පැවතුනහොත් පස් අවුරුදු සැලසුම් වල ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වන බවත්ය.
එසේම පසුගිය වාර පරීක්ෂණවල ලකුණු වාර්තා විශ්ලේෂණය කිරීමේ දී සිංහල විෂය සඳහා ළමුන් ලබා ගන්නා ලකුණුවල ද උච්ඡාවචනයන් දක්නට ලැබුණු අතර විශේෂයෙන් ගණිතය හා සිංහල විෂයයන්ගේ ලකුණුවල පසුබෑමක් දක්නට ලැබුණු අතර එහි දී ද හෙලි වූයේ අනාගත ඉලක්ක කරා ප්‍රතිඵල රැගෙන යාමට අපහසු වන බවත්ය. මේ තත්ත්වය වෙනස් කර අනාගත ඉලක්ක කරා යාමට නම් පන්ති කාමරය තුළ පහත වෙනස්කම් සිදුවිය යුතුය.
- අභ්‍යන්තර ඇගයීම මා නිගමනය විධිමත් කිරීම හා ශක්තිමත් කිරීම.
- ගුරුවරු කණ්ඩායමක් වශයෙන් එකට වැඩ කිරීමේ හැකියාව පුළුල් කිරීම.
- ප්‍රතිපෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම.
- ඉගෙනුම් ආධාරක භාවිතය වැඩි දියුණු කිරීම.
- නවීන තාක්ෂණය ඉගෙනුම සඳහා යොදා ගැනීම පුළුල් කිරීම.
- මාසික පරීක්ෂණ හා ඒකක ඇගයීම් විධිමත් කිරීම.
- සියලු පරීක්ෂණ ලකුණු විශ්ලේෂණය සඳහා ගුරුවරුන් යොමු කිරීම.
- ප්රතිකාර්ය ඉගැන්වීම් වැඩසටහන් ශක්තිමත් කිරීම.
මේ අනුව ගුරු සංවර්ධන ව්‍යාපෘතිය හරහා ගුරුවරයා පිබිදීමකින් යුතුව පන්ති කාමරය වෙත දිශාමූල කිරීම අපේක්ෂාවයි.
ඵලදායී පාසල් කළමනාකරණය සඳහා මානව සම්පත් කළමනාකරණය ඉතා වැදගත් වේ. මෙම කාර්යයේ දී පාසල් පාදක ගුරු සංවර්ධන ව්‍යාපෘතිය භාවිතා කිරීමෙන් ප්‍රතිඵල ඉහළ නැංවීම මගින් පාසල ගුරු සිසු පිරිසට සතුටින් සේවය කිරීමේ පාසල් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරයි.
ගුරුවරයා ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය සඳහා නිරත වීමෙන් හා සමපදස්ථ ඉගෙනුමට නැඹුරු කරමින් වෙනස් වීම් වැළද ගන්නා ගුරුවරයෙකු බවට පත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය ඉලක්ක ගත ගුරු පිරිස ඉහළ ගුණාත්මක භාවයකින් තම ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය ඉහළ මට්ටමකින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.
















