![]() |
,, උඩගම ගුරුකුල පොබකළ සමිඳුනි,,
ගුරු කුල මතක සිත සිත
යළි අවදි කර
බැති පෙම් උපදවා නෙක තරු
නුවන් ඇර
ඇගයුම් පුදන දා දියනෙත
ඇජර වර
සමිඳුනි බැති කුසුමි දිනු දින
සිරිනි සර,
විදු මග සසුන් මග ඔප කර
එක ලෙසිනි
නැණ බිම් සරා දරු නෙත්
සරු කළ නිතිනි
ගුරු සිසු දෙසිත පැහැසර
කළ සම සිතිනි
දිනු දින දිනේ ගරු විදුපති
හිමි සඳුනි,

















