නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)පණිවිඩය
ර/උඩගම මහා විද්‍යාලය
ර/බල/උඩගම මහා විද්යාල්යට විශාල අඩුපාඩුවක්ව පැවති වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පාසලේ සන්නිවේදන තාක්ෂණ සමාජය විසින් කරන ලද විශාල සේවාවක් ලෙස මුලින්ම සදහන් කල හැකිය.
පාසලේ ක්‍රියාත්මකවන දෛනික ඉගනුම් ක්‍රියාවලිය මෙන්ම විෂය සමගාමි හා විෂය භාහිර ක්‍රියාකාරකම් පිළිබදව පාසලේ ප්‍රජාව මෙන්ම පාසලේ පරිභාහිර ප්‍රජාව දැනුවත් කිරීමට මෙය ඉතාම හොද ක්‍රියාවලියකි.වර්ථමානයේ තාක්ෂණය මත පදන්ම් වන අධ්‍යාපන ක්‍රමය තුල පාසලට වෙබ් අඩවියක් අනිවාර්යය දෙයකි.එම නිසා මෙය නිර්මාණය කිරීමට පුරෝගාමීව කටයුතුකල සන්නිවේදන තාක්ෂණ සමාජයන්ට පාසලේ නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)වන මාගේ හදපිරි ස්තූතිය.
නියෝජ්‍ය විදුහල්පති
T.C.P.සිරිවර්ධන
නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)පණිවිඩය
ර/උඩගම මහා විද්‍යාලය
දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන ර/බල/උඩගම මහා විද්‍යාලය සබරගමුව පළාතේ බලංගොඩ කලාපය් ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතිකමට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
H.B.L.M.නාමල් ගජනායක
















